අදත් දුම්රිය සේවය අඩපණයි

දුම්රිය එංජින් රියදුරන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය අද (09) තුන්වන දිනටත් ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා.

ඉකුත් පසුගිය 06 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණා.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසන්නේ.

දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් එම වර්ජනයට එක්ව සිටින නවත් මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බවත් එම සංගමය වැඩිදුරටත් පැවසුවා.

කෙසේවෙතත් සිය ඉල්ලීම් සඳහා බලධාරීන් තවදුරටත් ප්‍රතිචාර නොදක්වන්නේනම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බව එම සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම් සේනානායක මහතා සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!