අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක් නිකුත් වේ

අද (20) සිට බලපැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම නව චක්‍ර ලේඛයට අනුව අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ බලය පාසලේ විදුහල්පතිවරයාට පැවරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කිරීම අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *