අඩු මිලට ඉන්ධන දෙන්න විදෙස් සමාගම් සැරසෙයි. රජයේ අනුමැතිය හිමිවේ

මෙරටට පැමිණීමට නියමිත විදෙස් ඉන්ධන සමාගම් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පවතින ඉන්ධන මිල ගණන්වලට වඩා අඩු අගයකින් ඉන්ධන අලෙවි කිරීමට රජයේ අවසර ලබා දී තිබේ.

චීනයේ “සයිනොපෙක්”, ඔස්ට්‍රේලියාවේ “යුනයිටඩ් පෙට්‍රෝලියම්” සහ අමෙරිකාවේ “ආර්.එම්. පාක්ස්” යන සමාගම් ත්‍රිත්වය සඳහා මෙරට ඉන්ධන සිල්ලර වෙළෙඳපොළට ඇතුළු වීමට අවසර ලබාදී ඇති අතර ඊට අදාළ ගිවිසුම්වල කාර්යයන් මේ මස අගදී අවසන් කිරීමට නියමිතය.

මෙම විදෙස් සමාගම් ත්‍රිත්වය වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 2.2ක ඉන්ධන ආනයනය කිරීමට සැලසුම් කර ඇති අතර එමඟින් මෙරට භාණ්ඩාගාරයට පවතින වැයබර ද ක්‍රමයෙන් අඩු වනු ඇති බව සඳහන්ය.

ගිවිසුම් කාර්යයන් අවසන් වු පසු මෙම සමාගම්වලට ඉන්ධනහල් 150ක් ක්‍රියාත්මක කිරීමට අවසර හිමිවන අතර අනතුරුව ඉන්ධන පිරවුම්හල් 50 බැගින් විවෘත කර මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යාමට හැකිවනු ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *