අජිත් රෝහණගේ ස්ථාන මාරුව අවලංගුයි

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට නැගෙනහිර පළාතට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කර ඇති බව වාර්තා වේ.

ඒ වෙනුවට ඔහුගේ ස්ථාන මාරුව ලබාදී ඇත්තේ පොලිස් මූලස්ථානය වෙතය. ජාතික පොලිස් කොමිසම ඊයේ රැස්වූ අවස්ථාවේදී එම තීරණය ගෙන තිබේ.

තමන්ව නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සිදුකළ ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු වෙත ලිපියක් යොමු කර ඇත.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් එවූ එම ලිපිය සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කිරීමට ද එම කොමිසම තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *