ළමා ඩෙංගු රෝගීන් ඉහළට

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විට ඩෙංගු රෝගය ආසාදිත ළමුන් 35ක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් දක්වන ලද අදහස් මෙසේ ය.,

“ඩෙංගු තවමත් දිවයින පුරාම පැතිරෙමින් පවතිනවා. මේක අඩුවීමක් අපට දක්නට ලැබෙන්නේ නෑ. රිජ්වේ ආර්යා ළමා රෝහල ගත්තත් මේ වනවිටත් රෝගීන් 35ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. දිනකට රෝගීන් 3 – 4ක් වගේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට රෝහලට පැමිණෙනවා. රක්තපාතය තියෙන රෝගීන් ගත්තහම 7දෙනෙක් පමණ ප්‍රතිකාර ලබමින් සිටිනවා. කෙසේවෙතත් මේ රෝගී තත්ත්වය තවදුරටත් ඉක්මනින්ම අඩුවෙයි කියන දේ විශ්වාස කරන්න අපහසුයි. මොකද වැසි කාලගුණය තවදුරටත් පැතිරෙමින් පවතින නිසා. එනිසා ජනතාව දැඩි අවධානයක් යොමුකරන්න ඕන අවට සහ නිවෙස්වල පරිසරය ඒ වගේම රැකියා ස්ථානය හා පාසල් භූමිය මදුරුවන් බෝ නොවන ස්ථානයක් බවට පත්කිරීමට.”

නිසි පාලනයක් නොකළහොත් මෙම වසරේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉතිහාසයේ වැඩිම රෝගීන් වාර්තා වූ වර්ෂය බවට පත්වීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

එමෙන්ම මේවන විට ඩෙංගු රෝගීන් වාර්තා වීමේ අඩුවක් පෙන්නුම් නොකරන බවත්, මෑත ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2017 වසරේ වර්තා වන අතර, මෙමෙ වසරේ මේ දක්වා වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 43 දහස් 346 වාර්තා වී ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයෙහි සභාපති නිජිත් සුමනසේන වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *