හොරෙන් ගෙනා කෝටි130ක දුම්වැටි තොගයක් දැලේ.

තීරුබදු රහිතව හොර රහසේ මෙරටට ආනයනය කර තිබූ රුපියල් කෝටි 130ට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් කන්ටේනරයක් ද සමග විශේෂ කාර්ය බලකාය විසින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි දුම්වැටි හාර ලක්ෂ 20000 ට අධික ප්‍රමානයක් ප්‍රමාණයක් තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

මත්ද්‍රව්‍ය තොගයක් කන්ටේනර් රථයකින් ප්‍රවාහනය කරන බවට.විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව ඊයේ (16) පස්වරුවේ ග්‍රෑන්ඩ්පාස් කැළණිතිස්ස බලාගාරය ආසන්න පාරෙදි මෙම කන්ටේනර් රථය නවතා පරීක්ෂාවට ලක් කර ඇත.

කන්ටේනර් රථය පරීක්ෂා කිරීමේදී එහි සූක්ෂම ලෙස අසුරා තිබූ මෙම දුම්වැටි තොගය සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

දුම්වැටිය තුවය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් මාකොළ ප්‍රදේශයේ පදිංචි (62) හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙම දුම්වැටි තොගය රජයේ රෑපමය අවවාද සටහන් කර නොමැති බවද කාර්ය බලකාය පවසයි.

විශේෂ කාර්ය බලකාය, බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන නිලධාරීන් කණ්ඩායමක් විසින් එම වැටලීම සිදුකළහ.අත්අඩංගුවට ගත් දුම්වැටි සහ සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා ග්‍රෑන්පාස් පොලිසියට බාර දී ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!