රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (31) උදෑසන 8.00 සිට ආරම්භ වන පරිදි දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතිබව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය .
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් පලකරමින් ඔහු පවසා සිටියේ පවසා සිටියේ, දිවයිනේ සියලුම රෝහල් මේ සඳහා සහභාගි වන බවත්, ඒ අනුව හෙට දිනයේ සියළු රෝගී ප්‍රතිකාර කටයුතු අඩාල වනු ඇති බවත් ඔහු පැවසීය .
තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චමිල් විජේසිංහ මෙලෙස අදහස් දැක්වීය .
“සෞඛ්‍ය පද්ධතියේ බරපතළ ගැටළු ගණනාවක් මධ්‍යයේ මේ කටයුතු කරගෙන යන්නේ. වෛද්‍යවරු හිඟයි, කාර්ය මණ්ඩලයේ ගැටළු ගණනාවක් තියෙනවා. ඒ වගේම රෝගීන් සඳහා ලබාදෙන පහසුකම්වල ගැටළු, ඖෂධ හා උපකරණ හිඟය දවසින් දවස ඌග්ර වෙනවා. ඒ ගැටළු මධ්‍යයේ මේ කටයුතු කරගෙන යන්නේ. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගට වෛද්‍යවරු පීඩාවට ලක්කරනවා”