හීනටියන මහේෂ්ගේ ප්‍රධාන ගෝලයා STF දැලට හසුවේ

ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ‘හීනටියන මහේෂ්’ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් වන ‘සුන්නා’ නැමැත්තාව මීගමුවේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

25 හැවිරිදි අදාළ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ටී -56 ගිනිඅවියක් හා පිස්තෝල දෙකක් ද විශේෂ කාර්ය බළකා භාරයට ගෙන ඇත.

විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඊයේ (06) මීගමුව පොලිස් වසමේ, මේරියන් පෙදෙස, කුඩා පාඩුව යන ලිපිනයේ වැටලීමක් සිදුකර තිබුණි.

විශේෂ කාර්ය බළකා භාරයට ගත් ටී 56 ගිනිඅවිය පසුගිය දා මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසකට පැන පියෙකු හා පුතුන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගත් ගිනිඅවිය බවට අනාවරණය වී තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *