පසුගිය 25 දා සිට පුරප්පාඩුවී පවතින පොලිස්පති ධූරය තවමත් පුරවා නැති අතර ඒ සඳහා ජනාධිපතිවරයා සිය නිර්දේශ තවමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත්කර නැත. එවන් පසුබිමකදි හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න පසුගිය බ්‍රහස්පතින්දා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අල්ස් පෞද්ගල්කවම මුණගැසී ඇති බව වාර්තා වේ.
මේ අතර හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්නට තවත් සේවා දිගුවක් ලබාදීම පිළිබඳව රජයේ අවධනය යොමුව ඇති බව විශ්වසකටයුතු ආරංචිමාර්ග පවසයි. ඒ අනුව නව පොලිස් පතිවරයෙක් පත් කරන්නේද,, හිටපු පොලිස්පතිවරයාට නව සේවා දිගුවක් ලබාදෙන්නේද යන්න පිළිබඳ නිර්දේශයක් ලබාදෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විෂය බාර අමාත්‍ය ටිරාන් අලස්හට දැනුම්දී තිබේ.
මෙම කරුණ සම්බන්ධව තීරණාත්මක සාකච්චාවක් හෙට ඉරිදා (09) පස්වරුවේ ජනාධිපතිවරයා සහ ටිරාන් අලස් අමාත්‍යවරයා අතර පැවැත්වීමට නියමිත බව වාර්තාවේ. පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට එහිදී බොහෝදුරට ඉඩ ඇති වාර්තා වේ.