හලාවත නගරය ගංවතුරෙන් යටවීමට ආසන්නයි

දැදුරු ඔය ජලාශය වාන් දැමීම හේතුවෙන් හලාවත නගරය ජලයෙන් යටවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද හෝ හෙට හලාවත නගරය ජලයෙන් යටවුණු ඇති බව එම දෙපාර්තමේන්තුව අනුමාන කරයි.

මේ වන විට දැදුරු ඔය ජලාශයෙන් තත්පරයට ඝණ අඩි 65,000ක් වාන් දොරුවලින් නිකුත් කරමින් තිබේ. එම ප්‍රමාණය සාමාන්‍ය ගඟේ ධාරිතාව මෙන් ම තුන් ගුණය ඉක්මවා යයි.