හරිනීගේ ඉරණම විසඳෙන හැටි ටිල්වින් පවසයි.

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් සිදුවිය හැකි බවට පැතිරයන ප්‍රචාරය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සිය අදහස් දක්වයි .අගමැතිණිය ධුරයෙන් හෝ අමාත්‍ය ධූරයෙන් නෙරපීමට කිසිම සූදානමක් නැතිබව ඔහු එහිදී පැවසීය .

අගමැති ධුරයේ හෝ අධ්‍යාපන ඇමැති ධුරයේ වෙනසක් කිරීමට කිසිදු පදනමක් නැති බවත් ඇය එකී ධුරයන් හි කටයුතු කිරීමේදී කිසිදු වරදක් සිදු කර නොමැති බවත් ටිල්වින් සිල්වා සඳහන් කළේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කෙරෙන බවත් එකී පරීක්ෂණ අනුව වරද සිදුව ඇත්තේ කොහේද යන්න අනාවරණය වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.