හරින් ක්‍රීඩා සංගම් පහක් අත්හිටවයි

ජාතික මට්ටමේ ක්‍රීඩා සංගම් දෙකක හා සම්මේලන තුනක ලියාපදිංචිය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් දෙසැම්බර් 22 දිනෙන් නිකුත්කළ අති විශේෂ ගැසට් නිවේදනක් මගින් තාවකාලිව අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකා දුනු ශිල්ප සංගමය ,ශ්‍රි ලංකා ජාතික රෝද සපත්තු සංගමය,ශ්‍රී ලංකා කබඩි සම්මේලනය ,ශ්‍රී ලංකා බ්‍රිජ් සම්මේලනය සහ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ ලියාපදිංචිය මෙසේ තාවකාලිකව අත් හිටුවා තිබේ.

එමෙන්ම තාවකාලිකව එකී සංගම්/සම්මේලන පහේ පරිපාලනය හා වෙනත් කාර්යන් යථා පරිදි ඉටුකිරිම සඳහා සහ අදාළ නිලවරණයන් කැඳවා පැවැත්වීමට නිසි බලධරයා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු පත්කරනු ලැබ සිටී.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!