හමුදාවේ දෙදෙනෙක් සහ පොලිසියේ අයෙක් අයිස් ගහද්දී මාට්ටු

හෝමාගම හිරිපිටිය ප්‍රදේශයේ නිවසක් අසල අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු සහ යුධ හමුදා සෙබළුන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත හෝමාගම මූලස්ථාන පොලිසියේ නිළධාරීන් පිරිසක් ගොස් සිදු කළ සෝදිසියේදී එම සැකකරුවන් ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 60 බැගින් හමු වූ බවද වාර්තා වනවා.

අත් අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුයුක්ත පොලිස් සහය තනතුරේ සිට පොලිස් කොස්තාපල් තනතුර දක්වා උසස්වීම් ලැබූවකු බවත් යුද හමුදා සාමාජිකයන් දෙදෙනා ශ්‍රි ලංකා යුද හමුදා පොදු සේවා බළකායට අයත් පනාගොඩ කදවුරෙහි සේවය කරන අය බවට අනාවරණය වී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!