අනුරාධපුර, මාතලේ හංදිය ප්රදේශයේදී හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත බෝම්බ තුනක් අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන ඇතිබව වාර්තා වේ .
පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී අදාළ හිටපු කමාන්ඩෝ නිලධාරියා ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් එම බෝම්බ නිෂ්ක්රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් වෙත භාරදී තිබෙනවා.