හමාස් ප්‍රහාරයෙන් මියගිය යටවර බණ්ඩාරගේ දේහය දිවයිනට

ඊශ්‍රායල – හමාස් ගැටුමෙන් මිය ගිය දෙවන ශ්‍රී ලාංකිකයා වන සුජිත් යටවර බණ්ඩාරගේ දේහය අද (09 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන ආවේය.

මෙම දේහය ඊශ්‍රායලයේ සිට ඩුබායි වෙත රැගෙන විත් , එතැන් සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්..- 579 දරන ගුවන් යානයෙන් උදෑසන 08.37 ට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන පැමිණ තිබුණි .

දේහය භාර ගැනීම සදහා සුජිත් යටවර බණ්ඩාර ගේ බිරිඳ ජයනි මධුවන්ති , 13 හැවිරිදි දුව , 09 හැවිරිදි පුතා , ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල මහ කොමසාරිස් දිනේෂ් ප්‍රියන්ත , හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු , ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොළ පරිපාලන නිලධාරී අශෝක ප්‍රේමසිරි ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

මෙම සුජිත් යටවර බණ්ඩාරගේ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (11 ) වෙන්නප්පුව , තුලාවෙල , මඩවලපිටිය පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *