හමාස් ප්‍රහාරය ජනපති රනිල් හෙළා දකී

හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් සිවිල් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වීම ශ්‍රී ලංකා රජය හෙළා දකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊශ්‍රායලය සහ පලස්තීනය යන රාජ්‍ය දෙකේ සංකල්පයට ශ්‍රී ලංකාව සහය ලබාදීම දීර්ඝ කාලීන සහය යළි තහවුරු කරන බව පවසන ජනාධිපතිවරයා ඊශ්‍රායලයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ විවේචන එල්ල වුවද එවැනි ප්‍රහාර සාධාරණීකරණය කළ නොහැකි බවද පවසයි.

එමෙන්ම ගාසා තීරය ආශ්‍රිතව පවතින උණුසුම් තත්ත්වය හේතුවෙන් දීර්ඝ කාලීනව ඉන්ධන මිල ඉහළ යා හැකි බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *