හමාස් ත්‍රස්තවාදීන් ප්‍රාණ ඇපකරුවන් මරා දැමීමට පටන් ගනී

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ රෝහලකට එල්ල කළ ප්‍රහාරයෙන් පන්සියයකට අධික පිරිසක් මිය ගිය අතර හමාස් සටන්කාමීන් ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කිරීමට පටන් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

හමාස් සටන්කාමීන් විසින් මේ වන විට ප්‍රාණ ඇපකරුවන් විසිපස් දෙනකු පමණක් ඝාතනය කර ඇති අතර විදේශිකයන් ද ඒ අතර විය හැකි බව මාධ්‍ය වාර්තා කරයි. මේ අතර ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කළේ හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපකරුවන් අතර ශ්‍රී ලාංකිකයන් සිටින බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *