හමාස් ත්‍රස්තවාදී ට්‍රක් රියක ප්‍රදර්ශණය කරමින් රැගෙන යන නිරුවත් සිරුර ජර්මානු තරුණියකගේ බව තහවුරු වීමත් සමග විශාල අවධානයක් ඒ දෙස යොමුවෙමින් ඇත .
එම සිරුර ඊශ්‍රායල සෙබළියකගේ බව හමාස් ත්රස්තවාදීන් පැවසූවද එය ජර්මානු ටැටූ ශිල්පිනියක වන ෂානි ලූක්ගේ බව ඇගේ ඥාතීන් විසින් හඳුනාගැනීමත් සමග හමාස් සංවිධානය ඊශ්‍රායලයේ සිටිනා නිරායුධ විදේශිකයන් පවා ඝාතනය කරන්නට පටන්ගෙන ඇතිබව තහවුරු වෙමින් පවතී.
ඊයේ දිනය පුරාම ගාසා තීරය අසල ඊශ්‍රායල සීමාවේ වීදි ඔස්සේ හමාස් ත්රස්තවාදීන් තරුණ කාන්තාවකගේ බරපතල හිංසනයනට ලක්වූ සිරුරක් ප්‍රදර්ශණය කරමින් සිටි අතර ඇය ඊශ්‍රායල සෙබළියක ලෙස හඳුන්වා දි තිබුනි. සමාජ් මාධ්‍ය ඔස්සේ විකාශණය වූ සංස්කරණය නොකළ වීඩියෝවල දැකගත හැකි වූයේ හමාස් ත්රස්තයන් ඇගේ සිරුරට කෙළ ගසනා ආකාරයය.
30 හැවිරිදි වියේ පසුවූ ෂානි ලූක් නම් මේ ටැටූ ශිල්පිනිය සාමය සඳහා වූ සංගීත උළෙලකට සහභාගි වෙමින් සිටියදී හමාස් ප්‍රහාරයට ගොදුරු වූවාය. එම ප්හ්ාරයෙන් 480 දෙනෙකු මියගිය අතර දහස් ගණනක් තුවාල ලැබු බව පැවසේ. ත්රස්තවාදීන් විසින් ඇය පැහැරගෙන ගිය ඇය, දරුණු හිංසනයට ලක් කොට ඝාතනය කර ඇති අතර, ඇගේ පාදයක් කඩා දමා ඇතිබව නිරීක්ෂණය වන බව විදෙස් මාධ්‍ය පවසයි.
ඊයේ රාත්‍රියේ ඇගේ ඥාති සොහොයුරිය වන Tomasina Weintraub-Louk විසින් MailOnline වෙත පවස සිටියේ පාදයේ සුවිශේෂ පච්චයෙන් සහ අඳුරු හිස කෙස් වලින් තම ඥාති සොයුරිය හඳුනාගත් බවයි.
“ඇය සාමය සඳහා වූ සංගීත උළෙලක සිටියාය. මෙය අපේ පවුලට නපුරු සිහිනයක්” Tomasina Weintraub-Louk මාධ්‍යට පැවසූවාය .