අද ගාසා තීරයේ ක්‍රියාත්මකව පැවති එකම විදුලි බලාගාරයේ ඉන්ධන අවසන් වීමෙන් පසු එය ක්‍රියා විරහිත වූ අතර, මිලියන 2.3 ක ජනතාවකට විදුලිය මෙන්ම රෝහල් සහ අත්‍යවශ්‍ය සේවා සපයන අනෙකුත් පහසුකම් ද බිඳ වැටෙමින් ඇත.
මේ අතර දකුණු ඊශ්‍රායලයේ නගරයක් වන Ashkelon රෝහලට රොකට් ප්‍රහාරයක් එල්ලවි ඇතිබව වාර්තා වේ . “Ashkelon හි Barzilai රෝහලේ ළමා සංවර්ධන මධ්‍යස්ථානයට එල්ලවූ රොකට් ප්‍රහාරය නියත ලෙසම ගාසා තීරයේ සිට එල්ලවුවක් බව සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ ප්රකාශිකාවක් අල් ජසීරා ප්රවෘත්ති සේවයට පැවසූවාය. ” එය පැහැඳිළිවම ගසා තීරය දෙසින් පැමිණි රොකට් ප්‍රහාරයක් . රෝහලට ඉන් හානි සිදුවෙලා තියනවා. ජීවිත හානි පිළිබඳව තවමත් කියන්න බෑ” ඇය වැඩි දුරටත් පැවසූවාය
මේ අතර අවහිර වී ඇති ගාසා තීරයට ඉන්ධන, ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සැපයුම් සැපයීම ඊශ්‍රායලය දිගි දිගටම ප්‍රතික්ෂේප කර මින් සිටී. ඒ පිළිබඳ අදහස් දක්වන නවදිල්ලි නුවර දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්ය ශ්‍රිනිවාස් බුරා පවසනුයේ එය පැහැදිලිවම ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමක් බවය.
“එය යුද්ධයේ පළමු රීතියයි: එය සටන්කරුවන් අතර පැවතිය යුතුය යන්නය . ගාසා තීරයේ ඊශ්‍රායලයේ ක්‍රියාවන් මෙන් සිවිල් වැසියන් ඉලක්ක කර ගත් විට, එය ජාත්‍යන්තර මානුෂීය නීතිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමකි, ”බුරා අල් ජසීරාට පැවසීය.
එම රීතිය, සෙනසුරාදා ඊශ්‍රායලයට එල්ල කළ විස්මිත ප්‍රහාරයේදී සිවිල් වැසියන් ඝාතනය කළ බවට චෝදනා කරන හමාස් සංවිධානයට සහ ඊශ්‍රායලයට යන දෙකටම අදාළ වන බව ඔහු පැවසීය.
හමාස් ප්‍රහාරයට ප්‍රතිචාරය ආත්මාරක්ෂාව සඳහා වන ක්‍රියාවක් බවට ඊශ්‍රායලයේ තර්කය ගැන විමසූ විට බුරා මෙසේ පැවසීය: “ඊශ්‍රායලයට තමාව ආරක්ෂා කර ගැනීමට අයිතියක් ඇත, නමුත් එය ජාත්‍යන්තර මානුෂීය නීතියේ පරාමිතීන් තුළ එය කළ යුතුය.”