හදිසියේම වෙරළ තීරයට ආ තල්මසුන්

බටහිර ඔස්ට්‍රේලියාවේ නිරිත දිග වෙරළ තීරයට තල්මසුන් 150 කට අධික පිරිසක් පැමිණ සිටිනවා.

වෙරළ තීරයට පැමිණ සිටින මෙම තල්මසුන් යළි මුහුදට යොමු කිරීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් යුහුසුළුව කටයුතු කරමින් සිටින බව සඳහන්.

වෙරළ තීරයට මීටර් 500 ක් පමණ දුරින් තවත් තල්මසුන් රංචුවක් සිටින බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළා.

මෙම තල්මසුන්ගෙන් 26 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව ද සඳහන්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!