හදිසි ඖෂධ මිලදී ගැනීම් නවතා දමයි

ඉදිරි මාස කිහිපය ඇතුළත ඖෂධ හදිසි මිල දී ගැනීම් සම්පූර්ණයෙන් නවතා දැමීමට පියවර ගන්නා බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පවසයි.

රටේ ඖෂධ අවශ්‍යතාව සපුරාගැනීමේ අරමුණින් පමණක් හදිසි මිල දී ගැනීම් සිදුකිරීමට පියවර ගත් බව කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේය.

ඖෂධ නියාමන අධිකාරයේ පවතින අඩුපාඩු පිළිබඳ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අදහස් පලකළ අතර, අමාත්‍යවරයා පවසන්නේ, ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය තුළ පැවති ගැටලු මේ වනවිට සම්පූර්ණයෙන්ම විසඳා ඇති බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *