සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් හෙට වැඩ බාරගනී

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල හෙට දින (20) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී වැඩ භාර ගැනීමට නියමිතය.

විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම අතිරේක ලේකම් වරයෙකු වශයෙනුත් මින් පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවය කර ඇත. වර්තමානයේ සෞඛ්‍ය ක්ෂෙස්ත්‍රයේ ඇතිව තිබෙනා අර්බුදකාරී තත්ත්වය විසඳිමේ හැකියාවෙන් යුත් පුද්ගලයෙක් ලෙස වෛද්‍ය පාලිත මහීපාල ක්ෂේස්ත්‍රයේ විශ්වාසය දිනාගෙන ඇති බව සෞඛ්‍ය ආරංචිමාර්ග පවසයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!