මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අය කිරීම සඳහා මෙතුවක් පැවති නීති සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත . අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත .
සෑම බලපත්‍රලාභියෙකුම සුරාබදු ආඥා පනතේ 22 වන වගන්තිය යටතේ නියමිත දිනට හෝ එම දිනට පෙර බදු ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි. නියමිත දින සිට දින 30ක් ඇතුළත ගෙවිය යුතු බද්ද හෝ ගාස්තුව සම්පුර්ණයෙන් ගෙවීමට අපහොසත් වන බලපත්‍රලාභීන්ගේ මත්පැන් බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව එම නිවේදනයේ දැක්වෙයි.
එමෙන්ම නියමිත දින සිට තෙමසක් ( දින 90ක්) ඉක්මවන කාලයක් සඳහා ගෙවිය යුතු බද්ද හා ගාස්තුව සම්පුර්ණයෙන්ම නොගෙවා ඇති විට එම බලපත්‍රලාභියාගේ මත්පැන් නිෂ්පාදනයට අදාල සියලු බලපත්‍ර අත්හිටුවීමට නව ගැසට් පත්‍රය මඟින් බලය පවරා ඇත.
මීට පෙර බලපත්‍ර අත්හිටුවීමේ කාලය මාස 6ක් දක්වා පැවැති අතර එය මාස 3ක් දක්වා කෙටි කිරීමට නව ගැසට් පත්‍රය මඟින් පියවර ගෙන ඇති