සුදුසුකම් රාමු සහ උසස් අධ්‍යාපනයේ සුදුසුකම් සහ අක්තපත්‍ර පිළිගැනීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව පැවැත්වීමට අවසර

සුදුසුකම් රාමු සහ උසස් අධ්‍යාපනයේ සුදුසුකම් සහ අක්තපත්‍ර පිළිගැනීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යවරයාගේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ
උසස් අධ්‍යාපනය සඳහා පවතින අවස්ථා ජාත්‍යන්තරකරණය වීම ඉහළ යාමත් සමඟ එක් එක් රටවල සුදුසුකම් රාමුවට අනුව පිරිනමනු ලබන සුදුසුකම් සහ අක්තපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීමට පහසුකම් සලසනු ලබන ගිවිසුම් සහ සම්මුතීන්වලට එළඹිය යුතුව ඇත.

ඒ අනුව, රුහුණ විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව යුරෝපා සංගමය විසින් එහි “Erasmus+” වැඩසටහන යටතේ සම අරමුදල් සපයනු ලබන “ආසියානු රටවල් අතර පිළිගැනීම් ක්ෂේත්‍රයේ කලාපීය සහයෝගිතාව” (RecoAsia) හරහා ක්‍රියාකාරකම් කිහිපයක් ආරම්භ කර ඇත.

එසේම, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මග පෙන්වීම් යටතේ සාර්ක් සුදුසුකම් රාමු ව්‍යාපෘතිය සමඟ ද ශ්‍රී ලංකාව සම්බන්ධ වී තිබේ. එම තත්ත්වය යටතේ RecoAsia සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූල්‍යාධාර ඇතිව 2023 ජුනි මස 28 සහ 29 දෙදින තුළ සුදුසුකම් රාමු සහ උසස් අධ්‍යාපනයේ සුදුසුකම් හා අක්තපත්‍ර පිළිගැනීම පිළිබඳව ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු සැලසුම් කරනු ලැබ ඇත.

ඒ අනුව, එකී සම්මන්ත්‍රණය පැවැත්වීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *