සුඩානයේ රාජ හමුදාව සහ නිල නොලත් හමුදා කණ්ඩායම් අතර පවතින ගැටුම් තවදුරටත් දරුණු මුහුණුවරක් ගෙන තිබේ .
එහි ප්‍රතිඵලයක් ලෙස සුඩානයේ රාජ්‍ය රූපවාහිනිය සහ රාජ්‍ය ගුවන් විදුලියේ පාලන කටයුතු ගැටුම්වල නිරත සන්නද්ධ කණ්ඩායම් සියතට ගැනීමත් සමඟ විකාශන කටයුතු නතරකර තිබේ.
ජාතික විකාශනගාරයේ පාලක මැදිරියට බෝම්බ එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.
ගැටුම් ආරම්භයේදී රාජ්‍ය රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ වැඩසටහන් නතර කර, දේශාභිමානී ගීත පමණක් ප්‍රචාරය කිරීමට කටයුතු යොදා තිබුණි.
එහෙත්, සන්නද්ධ කණ්ඩායම් ඊට ඇතුලුවීමත් සමග ආයතන ප්‍රධානීන් සම්ප්‍රේෂණ මාර්ග කපා හැර තිබේ.
පසුගිය සතියේ සිට සුඩානයේ ක්‍රියාත්මක ගැටුම් හේතුවෙන් පුද්ගලයින් මිලියන 2.5 ක් අවතැන්වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
එමෙන්ම මේවන විට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 200කට ආසන්න බවත් තුවාල ලැබූ පිරිස 1800 ඉක්මවා සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.