සිසුසැරියටත් දරුවන්ගෙන් අයකිරීමක්

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා වැය වන සම්පූර්ණ වියදම රජයට දැරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රට තුළ පවතින මුල්‍යම අපහසුතා හේතුවෙන් එම තීරණයට එළැඹි බව අමාත්‍යවරයා පැවසුවේය.

ඒ අනුව, සිසුසැරිය බස්රථ සේවාව සැපයීමේ දී අදාළ ගාස්තුවෙන් 70%ක් රජයෙන් ලබා දීමටත් ඉතිරි 30%ක අගය දෙමාපියන්ගෙන් අයකර ගැනීමට සිදුවන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

එම ගෙවීම හෝ සිදුකර ගැනීමට නොහැකි දෙමාපියන් සිටී නම් එනම් දිළිඳු සහනාධාර ලබන පවුල්වල දරුවන් සඳහා කිසිදු අයකිරීමකින් තොරව එම සේවාව ලබාදීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

එලෙස 30% ක හෝ අයකර ගැනීමට නොහැකි වුවහොත් සිදුවන්නේ එම සේවාව සම්පූර්ණයෙන්ම නවතා දැමීමට බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *