සිසුවියන් දෙදෙනෙක් වාචික අපයෝජනයට ලක්කළ ගුරුවරයා අත් අඩංගුවට

හැටන් කළාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වටවල ප්‍රදේශයේ දමිල පාසලක 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියන් තිදෙනෙකුට ලිංගික අතවර කිරිමට තැත් කළායයි එම පාසලේ විද්‍යාව ගුරුවරයාව (15) දින සැකපිට අත්අඩංගුවට ගත් බව වටවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දන ගමගේ පැවසිය.

වසර පහක පමණ කාලයක් එම පාසලේ විද්‍යාව ගුරුවරයා වශයෙන් සේවය කල සැකකාර ගුරුවරයා පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියන් තිදෙනෙකුට ලිංගික බලපැම් කරමින් එස්.එම්.එස් කෙටි පණිවිඩ කිහිපයක් යොමු කර ඇති බව අගතියට පත් පාසල් සිසුවියන් විසින් වටවල පොලිසියට කර ඇති පැමිණිල්ලේ සටහන් කර ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

අවු 44 හැවිරිදි සැකකාර ගුරුවරයා දෙදරු පියෙකු වන බවත්, එම සැකකරු දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිසිය පැවසිය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!