සිසුවියකට අතවර කළ විශ්වවිද්‍යල ආචාර්යවරයා ගැන පරීක්ෂණ

වයඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු විසින් සිසුවියක්ව බලහත්කාරයෙන් සිය නේවාසිකාගාරයේ රඳවා ගනිමින් අතවර කිරීමක් සිදුකර ඇතැයි යන සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විධිමත් පරීක්‍ෂණයක් සිදුකරන බව අගමැතිනී හරිනි අමරසූරිය පවසන්නීය .

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ, වයඹ විශ්වවිද්‍යාලයේ කොරියානු රජයේ ආධාර යටතේ ඉදිකිරීම් සිදුකර ඇති තාක්‍ෂණවේදී ජාතික විද්‍යාපීඨය නිල වශයෙන් භාරදීමේ ජාතික උත්සවයට අද (03) සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එමෙන්ම එම පරීක්ෂණ කටයුතු ඉතාම ස්වාධීනව හා අපක්‍ෂපාතීත්වයෙන් යුතුව කමිටුවක් මඟින් ක්‍රියත්මක වන බවත් ඇය වැඩි දුරටත් පැවසූවාය.