අද හවස තීරණාත්මකයි – අසලංක කුමක් කරයිද ?

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය සිලෙට්හි දී අද (06) පැවැත් වීමට නියමිතයි.

මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිත මෙම තරගය සඳහා ද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායකත්වය ලබා දෙන්නේ චරිත් අසලංක විසින්.

පළමුවන පන්දුවාර 20 තරගය ලකුණු 3කින් ජය ගැනීමට ශ්‍රීලංකාව සමත් වූ අතර තරග තුනකින් සමන්විත තරගාවලියේ මේවන විට ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවනවා.

අද තරගය ජය ගතහොත් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට හිමි වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!