සැහැල්ලු දුම්රිය ගැන තවමත් තීරණයක් නෑ .

කොළඹ නගරය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය (LRT) සම්බන්ධයෙන් JICA ආයතනයේ අවසන් එකඟතාවය තවම ලබාදී නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසීය.

අද (17) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු පවසා සිටියේ, JICA පාර්ශවයෙන් දැනුම්දී ඇත්තේ දැනට ආරම්භ කර ඇති අනෙකුත් ව්‍යාපෘති ප්‍රථමයෙන් සාර්ථකව ක්‍රියාත්මක කර ඒවායේ ප්‍රගතිය ඇගයීමෙන් අනතුරුව ඉදිරි තීරණ ගන්නා බවය.

“බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීම සිදුවෙනවා. LRT ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ පිළිබඳව අවසාන එකඟතාවයක් JICA ආයතනයෙන් තවම ලැබිලා නැහැ. මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය මත තමයි ඊළඟ තීරණය ගන්නේ කියන එක තමයි JICA ආයතනය අපිට දැනුම්දීලා තියෙන්නේ.” අමාත්‍යවරයා පැවසීය.