සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ට සුබ ආරංචියක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂණය සඳහා එක් වී සිටින ගුරුවරුන්ට සහ පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය නිකුත් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ සඳහා පත්කළ කමිටු වාර්තාව ජුනි 14 වැනිදා ලැබීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අනතුරුව එම වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත්, ඒ අනුව ඔවුන්ගේ දීමනාවන් වැඩි කිරීමටත් අපේක්ෂා කරන බව එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!