සහන කටයුතු අවුල් කරනා දේශපාලන බලපෑම්.

ආපදාවෙන් විපතට පත් වු පුද්ගලයින්ට සහන සැළසීමේ ක්‍රියාවලියේදී ස්වාධීනව කටයුතු කිරීමට ග්‍රාම නිලධාරීන්ට දේශපාලන බාධා සිදුවෙන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නන්දන රණසිංහ පැවසුවේ සහන සැලසීමේ ක්‍රියාවලිය ස්වාධීනව සිදුකිරීමේදී විවිධ දේශපාලන බලපෑම් ග්‍රාම නිලධාරීන්ට එල්ලවීම වැඩිවෙමින් ඇති බවය. එම බාධා කිරීම් තව දුරටත් සිදුකරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට සිදුවන බව බාධා ග්‍රාම නිළධාරින්ගේ සංගමයේ සභාපතිවරයා අවධාරණය කළේය .