සල්මන් ඛාන් මරා ලංකාවට එන සැලසුම හෙළිවේ – ඝාතකයන්ට අවි පාකිස්ථානයෙන්

පාකිස්ථානයෙන් ලබාගත් ආයුධවලින් සන්නද්ධව මහාරාෂ්ට්‍රයේ පන්වෙල් හිදී සල්මන් ඛාන්ගේ මෝටර් රථයට පහර දී ඔහුව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් හෙළිව තිබෙනවා.

එම ඝාතන කල්ලිය සතුව අධි බලැති අවි රැසක් ඇති බවද අනාවරණය වී ඇති බව සඳහන්.

මෙම ඝාතනය සිදු කර තමිල්නාඩුවේ කන්‍යාකුමාරි වෙත පළා යන ලෙසත් පසුව මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට පළායෑමට කටයුතු කරන ලෙසත් එම පිරිසට උපදෙස් ලැබී තිබෙනවා.

ඉන් පසුව වෙනත් රටකට ගමන් කිරීම සඳහා සුදානම් වී සිටි බවයි ඉන්දීය පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!