සමාරම්භක ඔලිම්පික් ඊ ස්පෝර්ට්ස් උළෙලට ශ්‍රී ලංකාවෙන් බ්‍රයන්

2023 ජූනි 22 සිට 25 දක්වා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත සමාරම්භක ඔලිම්පික් ඊ ස්පෝර්ට්ස් තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ සිලෝන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් නියෝජනය කරමින් බ්‍රයන් පෙරේරා එහි අවසන් මහා තරගයට සහභාගී වීමට නියමිතය.

මේ සදහා සහභාගී වන පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඔහු ඊ ස්පෝර්ට්ස් තරගාවලියේ මෝටර් රථ ක්‍රීඩා අංශය යටතේ තරඟ වදිනු ඇත.

බ්‍රයන් 2007 වසරේ සිට මෝටර් ධාවන තරඟවල නිරත වන ක්‍රීඩකයෙකි. ඔහු කාර්ටින් ධාවකයෙකු ලෙස ආරම්භ කර Formula McLarens 1300 LGB තරඟාවලියටද තරඟ වැදුණු අතර ඉන් පසු Formula EFI ශූරතාවය දිනාගත් අතර පසුව Formula Junior Championship ජයග්‍රහණය කර ෆෝමියුලා BMW තරඟාවලියේ 4 වැනි ස්ථානයට පත්වූයේ ඉන්දියාවේ ප්‍රමුඛතම මෝටර් රථ ක්‍රීඩා ඉසව්වෙන් ජයග්‍රහණය කළ එකම ශ්‍රී ලාංකික ධාවකයා ලෙසයි.

බ්‍රයන් BKMS ධාවන කණ්ඩායමේ සාමාජිකයෙකි. මෙම කණ්ඩායම දිවයිනේ එන්ඩියුරන්ස් කාර්ටින් තරඟාවලි සඳහා තරඟ කර ඇති අතර අවස්ථා ගණනාවකදීම ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත.

ලෝකයේ 160,000කට අධික තරඟකරුවන් පිරිසක් අන්තර්ජාලය හරහා ලියාපදිංචි වී ඇති අතර, බ්‍රයන් සිලෝන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් රියදුරු පෙළේ වේගවත්ම ධායකයා ලෙස සුදුසුකම් ලබා ඇති අතර, ලොව වේගවත්ම ධාවකයින් 32 දෙනෙකුට එරෙහිව සිංගප්පූරුවේදී තරග වදී.

කොළඹ ගේට්වේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන බ්‍රයන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි RMIT විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ උපාධි අපේක්ෂකයෙකි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *