සමරිසි ක්‍රියාවලට උගන්ඩාවේ මරණීය දණ්ඩනය

සමරිසි ක්‍රියා සඳහා මරණීය දණ්ඩනය ලබාදෙන නීතියකට උගන්ඩා ජනාධිපති යොවේරි මුසවේණි අත්සන් තබා තිබේ.

අදාළ යෝජනාව පසුගිය මාර්තු මාසයේදී එරට පාර්ලිමේන්තුව මඟින් සම්මත කර තිබු අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 389න් දෙදෙනෙකු හැර සෙසු සියලුදෙනා යෝජනාවට කැමැත්ත පළකර තිබුණි.

ඒ අනුව ඇතැම් සමරිසි ක්‍රියා සඳහා මරණීය දණ්ඩනය ද සමරිසි ක්‍රියාකාරකම් සඳහා බඳවා ගැනීම ප්‍රවර්ධනය සහ අරමුදල් සැපයීම සඳහා වසර 20ක් දක්වා සිරදඬුවමක් ද ලබා දීමට නියමිතය.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ කොමිසම ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ රටවල් රැසක් මෙම නීතියට විරෝධය පළකරමින් අදහස් පළකර තිබුණි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *