සනත් නිශාන්තට පාර්ලිමේන්තුව තහනම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට සති දෙකක් පාර්ලිමේන්තුව පැමිණීම තහනම් කර ඇත. කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට මේ බව දැනුම් දුන්නේය.

ඊයේ දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සිටියදී ඊට බාධා කරමින් කලබලකාරී ලෙස හැසිරීම මත මෙම දඬුවම නියම කර ඇත.

දැඩි රාජපක්ෂ හිතවාදියෙක් ලෙස පිළිගැනෙනා නියෝජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවයේ ගෙවා නොතිබුන රුපියල් ලක්ෂ 26 ක විදුලිබික ගෙවිම නිසා සමාජයේ දැඩි අවධාරණයට ලක් විය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!