සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට හාල් ලබා දී වී අලෙවි මණ්ඩල ගබඩාවලින් වී ගෙන යා හැකි බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
එහෙත් එම ගණුදෙනුවේදී සහල් කිලෝවක් සාධාරණ මිලකට ලබා දිය යුතු බව ඔහු අවධාරණය කරයි . සතොස ගබඩාවල සිට සිල්ලර වෙළඳසැල් කරා සහල් ප්‍රවාහනය කළ යුතු බවත්, එහිදී සහල් කිලෝවක් ප්‍රවාහනය සඳහා සතොසට සහල් කිලෝවක් ගෙන යෑමට රු.06කට අධික මුදලක් වැය වන බවත් ඔහු පෙන්වා දෙයි.
සතොස කරන්නේ ව්‍යාපාරයක් මිස සුභසාධන වැඩක් නොවන බවත් එය කළ යුත්තේ තරඟකාරී වෙළඳපොළ සමග බවත් ඇමතිවරයා පෙන්වා පවසයි .
මහ පරිමාණ මොල් හිමියන් සහල් වෙළඳපොළ තුළ ජාවාරමක් සිදුකරන බවත් ඊට එරෙහිව රජය ක්‍රියාත්මක වන විට එය කඩාකප්පල් කිරීමට කරන උත්සාහයට ඉඩ නොදෙන බවත් අමාත්‍යවරයා පවසයි .
සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට රජයේ සහල් ලබා ගැනීමට නොහැකි වන ආකාරයට කොන්දේසි පනවා ඇති බවට නැගෙන චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් ඇමතිවරයා මේ බව පැවසීය .