”සජිත්ට හරියන්නේ මුහුණු දෙකේ මිනිස්සු” – හිරුණිකා කියයි

අද සමගි ජන බලවේගයේ තැනක් හිමිව ඇත්තේ දවල්ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගත් රාත්‍රියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සිටින කපටියන් පුද්ගලයන්ට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසූවාය.

පක්ෂය වෙනුවෙන් කැපවී වැඩ කළ තමන් වැනි අය වෙනුවට නායකයා විශ්වාස කරන්නේ මුහුණු දෙකේ තක්කඩියන් බවත්, මෙම තත්ත්වය නිසා තමා මෙන්ම විශාල පිරිසක් කළ කිරීමට පත්ව ඇතිබවත් ඇය පවසන්නීය.

සමගි ජන බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායකද සහභාගී වූ ජනහමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කරන ලදී.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *