සජිත් කළ නරක වැඩක් පරිසරවේදියෙක් එළිකරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යහපාලන සමයේදී හම්බන්තොට ප්‍රදේශයේ ඇති ප්‍රධාන අලිමංකඩක් වන හැඬිල්ල අලිමංකඩ අවහිර කරමින් සිහරජගම නමින් උදා ගම්මානයක් ඉදිකර ඇති බව පරිසර වේදී සජීව චාමිකර පවසයි.

මේ හේතුවෙන් අලි ඇතුන්ගේ මෙන්ම මිනිසුන්ගේ ජීවිත ද බරපතල අර්බුදයකට ලක්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සජීව චාමිකර මහතා මෙම අදහස් පළකර ඇති අතර හම්බන්තොට ඉදිකිරීමට සැලසුම් කර ඇති අලි කළමනාකරණ රක්ෂිතය ඉදිකිරීමේ කටයුතුවලට ද ඔහු බාධා කර ඇති බව සඳහන් කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *