සජිත් අගමැති කරන්නට රනිල් පොරොන්දු වෙයි

තනි තනි පුද්ගලයන් හෝ තනි තනි පක්ෂ ලෙස නොව කණ්ඩායමක් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද සමග ආණ්ඩුවට සහයෝගය දක්වන්නේනම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අගමැතිකම ලබාදීමට තමා ඒකඟ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසූ බව රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරු සඳහන් කරති.

ජනාධිපතිවරයාට සහ වත්මන් ආණ්ඩුවට සහය දැක්වීමට සුළු පක්ෂ සුදානමින් සිටිනා බව ප්‍රකාශ කිරීමට මනෝ ගනෙෂන් සහ රාවුෆ් හකිම් යන දේශපාලන නායකයන් ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවු අවස්ථාවේ ජනාධිපතිවරයා මේ පොරොන්දුව ලබාදී තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *