සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ‘මධුසංඛ’ නොහොත් ‘සමපෝෂ’ නමැත්තා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වේ . පොලිසිය සඳහන් කළේ, සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගමගේ සාරංග ප්‍රදීප් නැමැත්තාගේ සමීපතමයෙකු බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව ඔහු මනුෂ්‍ය ඝාතන පහකට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි . මත්ද්‍රව්‍ය සුළු ප්‍රමානයක් සමග සැකකරු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .