සංචාරකයන් නිසා ඩොලර් ගිණුම ඉහළට

මේ වසරේ ගත වූ කාලයේ දී සංචාරකයන් 763000ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය. ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය .

මෙලෙස පැමිණි සංචාරකයින්ගෙන් ජාතික ආර්තිකයට විශාල දායකත්වයක් සිදු වූ බවත්,
මෙරට ආර්ථිකය ගොඩ ගැනීම සඳහා සංචාරක ක්ෂේත්‍රයේ ද උපරිම වශයෙන් දායකකර ගැනීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල සාර්ථක වී ඇති බවත් තවදුරටත් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යංශය ලෙස නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *