ස.ජ.බ මන්ත්‍රීවරයෙක් ඩයනා ගමගේට පාර්ලිමේන්තුව ඇතුලෙදී පහරදෙයි.

සමඟි ජන බලවේගයේ මන්ත්‍රී සුජිත් පෙරේරා තමාට පාර්ලිමේන්තු පුස්තකාලයේදී පහරදුන් බවට රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අද (20) පාර්ලිමේන්තුවේදී පැවසූවාය. පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඇය පැවසූවේ මෙම සිදුවීම ගැන කතානායකවරයාගේ මැදිහත්වීමෙන් නීත්‍යානුකූල පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය පැවසූවේ පාර්ලිමේන්තුව තුළ මෙලෙස කාන්තාවන් හිංසනයට ලක් කිරීම සම්බන්ධයෙන් තමන් නීතිමය පියවර ගන්නා බවයි.

කෙසේවෙතත්, මෙම චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් සුජිත් පෙරේරා මන්ත්‍රිවරයා පැවසූවේ තමා එවැනි පහරදීමක් සිදු නොකළ බවය. අවශ්‍යනම් ආරක්ෂක කැමරා පද්ධතිය ඔස්සේ ඒ පිළිබඳව පරීක්ෂා කළ හැකි බව ඔහු පවසා ඇත.

මෙම සිදුවීමත් සමඟ අග්‍රාමත්‍යවරයා කළ යෝජනාවකට අනුව පාර්ලිමේන්තුවේ කටයුතු මිනිත්තු 10ක කාලයකට කල් තබා ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *