ෂීෂෙල්ස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් ප්‍රථම මංගල ගුවන් යානය එරට වික්ටෝරියා ගුවන් තොටුපොළේ සිට අද (21) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
මෙම ගුවන් ගමන සදහා එයා බස් ඒ.320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර, එයා ෂීෂෙල්ස් ගුවන් සේවයට අයත් එස්.ඊ.වයි.- 262 දරන මෙම ගුවන් යානය අලුයම 04.00 ට ෂීෂෙල්ස් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
මෙම ගුවන් යානයෙන් මගීන් 110 දෙනෙකු සමග කාර්යය මණ්ඩලය 06 දෙනෙකු ද පැමිණි අතර, ඔවුන් පිළිගැනීම සදහා විශේෂ උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සූදානම් කර තිබූ බව වාර්තා වේ.
මෙම ගමන් ආරම්භයෙන් පසුව, ෂීෂෙල්ස් ගුවන් යානා සෑම සතියකම දින දෙකක් , එනම් බදාදා සහ ඉරිදා යන දින වල අලුයම 04.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළි උදෑසන 07.30 ට ෂීෂෙල්ස් බලා පිටත්ව යාමට නියමිතය .