ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලියේදීත් වලංගුයි

ඉතාලියේ රැකියාවල නිරත වන ශ්‍රී ලාංකිකයන් සතු මෙරට වලංගු රියැදුරු බලපත්‍රය එරටදී භාවිත කිරීම සඳහා අවසර ලබා දීමට ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා මනෙල්ලා එකගතවය පලකර ඇත. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සමග පැවති සාකච්චාවකදී ඇත මෙම එකඟතාව පළ කරන ලදි .

ඉතාලියේ රැකියාවල නිරත ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ට මෙතෙක් කලක් ගැටලුවක්ව පවතින අන්තර්ජාතික රියැදුරු බලපත්‍ර ලබාගැනීමේ දුෂ්කරතාව මගහැරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට අමාත්‍යවරයා ඉතාලි තානාපතිනියගෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම එකඟතාව පළ කර ඇති බව වාර්තාවේ .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *