ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික බිඳවැටීම තවදුරටත් උග්‍ර වීමට දීර්ඝකාලීන බදු ප්‍රතිපත්තිමය අසාර්ථකත්වය ප්‍රධාන හේතුවක් වී ඇතිබව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය නවතම වාර්තාව මගින් අවධාරණය කර සිටී. .
එමඟින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්, විශේෂයෙන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය උල්ලංඝනය වී ඇති බවත් , දීර්ඝ කාලයක් තිස්සේ මෙරට පැවති ප්‍රමාණවත් නොවන බදුකරණය, අධික ලෙස ආයතනික බදු සහන ලබා දීම සහ බදු නීති දුර්වල ලෙස ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රජයට සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂණය වැනි අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය ආදායම අහිමි කරගෙන ඇතෛබව එම වාරතාව පෙන්වාදෙයි .
ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තියේ බරපතළ දුර්වලතා පිළිබඳව හියුමන් රයිට් වොච් සංවිධානය සිය වාර්තාව මඟින් කරුණු දක්වන අතර, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව බදු ආදායම (tax-to-GDP ratio) 2023 වසරේදී 7.3% ක් ලෙස වාර්තා වී ඇතිබවත්, එය ලෝකයේ අඩුම අගයන්ගෙන් එකක් බවත් එම වාර්තා ව පවසයි . මෙම තත්ත්වය රටේ ආර්ථිකය දිගුකාලීන අර්බුදයකට යොමු කිරීමට තීරණාත්මක බලපෑමක් සිදු කර ඇත.
තවද, HRW සංවිධානය වැඩිදුරටත් අනතුරු අඟවනු ලබන්නේ ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය “ප්‍රමාණවත් නොවන සහ ප්රතිගාමී” (inadequate and regressive) ස්වභාවයක් ගන්නා බවයි.