ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික ක්‍රියාකාරිත්වය ශක්තිමත් මට්ටමක පැවතියද, ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මේ දක්වා අසම්පූර්ණව පවතින බව ලෝක බැංකුව පවසයි. ඒ අනුව ආර්ථික වර්ධනය තවමත් අර්බුදයට පෙර මට්ටමට වඩා පහළින් පවතින බව ලෝක බැංකුව පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන යාවත්කාලීන කිරීම් (SRI LANKA DEVELOPMENT UPDATE) පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් කරමින් ලෝක බැංකුව මේ බව සඳහන් කරයි.
මෙම වාර්තාවේ අන්තර්ගතය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව පවසන්නේ, ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වීම ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ සාර්ව ආර්ථික ස්ථාවරත්වය, ඉක්මන් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ වඩාත් කාර්යක්ෂම, වඩා හොඳින් ඉලක්ක කරගත් රාජ්‍ය වියදම් කිරීම් අවශ්‍ය වනු ඇති බවය.
අද (07) නිකුත් කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන කිරීම් නවතම වාර්තාවට අනුව 2025 දී 4.6%ක වර්ධනයක් පෙන්වනු ලැබූ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2026 වසරේ දී 3.5% ක් දක්වා මන්දගාමී විය හැකි බව ලෝක බැංකුව පෙන්වා දේ.