මේ වසරේ ගෙවුන මාස දහයක කාලය තුළ ශ්‍රී ලංකාවෙන් මැලේරියා රෝගීන් 35 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, එම රෝගින් සියළු දෙනාම මැලේරියාව බහුල විදෙස් රටවලින් පැමිණි පුද්ගලයින් බවත් විශේෂඥ ප්‍රජා වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න පැවසූවාය .
ඔවුන් සියළු දෙනා ඉන්දියාව, තායිලන්තය, මියන්මාරය වැනි රටවලට සහ රැකියාවන් සඳහාත්, මැණික් ව්‍යාපාර සඳහාත් විදෙස් ගතව නැවත පැමිණියෝ බවද, එම රෝගින්ගෙන් 34 දෙනෙකු මේවන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවත්, එක් පුද්ගලයෙකු පමණක් මියගිය බවත් ඇය සඳහන් කළා.