ශ්‍රී ලංකාව අයර්ලන්තය පරදා ඉනිමකින් ජය ගනී. ප්‍රභාත් ජයසූරිය වසර 72 ක් පැරණි ලෝක වාර් තාවක් බිඳ දමයි

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ඒ අනුව තරග 2කින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 492ක් රැස් කළේය.පෝල් ස්ට්‍රිලිංග් ලකුණු 103 ක් සහ කර්ටිස් කැම්පර් ලකුණු 111 ලබාගන්නට සමත් විය. ප්‍රභාත් ජයසූරිය ලකුණු 174 ක කඩුලු 5 ක් බිඳ දැමීය.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 704ක් රැස් කළේය. එහිදී කුසල් මෙන්ඩිස් (245), නිශාන් මධුෂ්ක (205) ද්විත්ව ශතක රැස්කරන්නට සමත්විය. ඊට අමතරව නායක දිමුත් කරුණාරත්න ලකුණු 115 ක් සහ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 100 ලබා ගන්න ලදි. ග්‍රැහැම් හුම් ලකුණු 87 ට කඩුලු 1.

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 211ක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 202කට දැවී ගියේය. හැරී ටෙක්ටර් ලකුණු 85 යි. රමේෂ් මෙන්ඩිස් ලකුණු 64 ට කඩුලු 5 .ප්‍රභාත් ජයසූරිය ලකුණු 88 ට කඩුලු 2 යි.

මෙම තරගයේ වාර්තා වු විශේෂ සිදුවිමක් ලෙස ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක වන ප්‍රභාත් ජයසූරිය අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුළු 50 ක් සම්පූර්ණ කළ දඟ පන්දු යවන්නා ලෙස ලෝක වාර්ත පොතට එක් වීම දැක් විය හැක. ඊට අමතරව ප්‍රභාත් ජයසූරිය අඩුම තරග ගණනකින් ටෙස්ට් කරුලු 50 සම්පූර්ණ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවටද පත් විය

ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් තරග 7 කදී සිය පනස් වෙනි ටෙස්ට් කඩුල්ල බිඳ දැමීමට සමත් වූ අතර ඔහුට පෙර මෙම වාර්ථාවට හිමිකම් කීවේ බටහිර ඉන්දීය කොදෙව් දඟ පන්දු යවන ඇල්ෆ් වැලන්ටයින් ය. ඔහු සිය 8 එනි තරගයෙදී සිය 50 වෙනි ටෙස්ට් කඩුල්ල බිඳ දැමීමට සමත් විය. ‍ඒ 1950 – 51 තරගාවලියේදීය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *