ශ්‍රී ලංකන් එයාර් සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ශ්‍රීලන්කන් කේටරින් යන සමාගම්වල සභාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ගණේගොඩ සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් වූ රොහාන් ගුණතිලක එම තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත .

2026 මාර්තු 31 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉල්ලා අස්වීම් ඉදිරිපත් කර ඇති බව සඳහන් වෙයි .

මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් ස්ථිර සභාපතිවරයෙකු පත් කරන තෙක්, එම සමාගම් දෙකෙහිම වැඩබලන සභාපතිවරයා ලෙස ඒ. කේ. ඩී. ඩී. ඩිමාල් අරන්දර කටයුතු කිරීමට නියමිතය .